පවතින වර්ෂාව සමග බදුල්ල නුවරඑළිය මාර්ගයටත් ගල් පෙරළීමේ අවදානමක්

බදුල්ල නුවරඑළිය මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක්

පවතින වර්ෂාව සමග බදුල්ල නුවරඑළිය මාර්ගයටත් ගල් පෙරළීමේ අවදානමක් ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ඉකුත් දින රාත්‍රියේ කඳු මුදුනේ සිට විශාල ගලක් එම මාර්ගයේ 109 කිලෝමීටර් කණුව ආසන්නයේදී මාර්ගය මතට පතිත වී තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

බෙරගල, හපුතලේ, කොස්ලන්ද, ඇල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල සහ වැලිමඩ ඇතුළු මෙම මාර්ගවල වහාන ධාවනය කිරීමේදී විමසිලිමත් වන ලෙස බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.