දරුවා පිච්චූ අපරාධකරු අම්පිටියේදීම අල්ලයි…

අම්පිටියේ A9ක් ලබා ගත් සිසුවා සිය පියා ඉදිරියේ පුච්චා දැමූ අපරාධකරු මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් යොදවනු ලැබූ විශේෂ විමර්ශන කණ්ඩායමක් මගින් මීට ටික වෙලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙසේ අත්අඩංගුවට පත්වන්නේ අම්පිටිය ඉහළතැන්නෙකුඹුර පදිංචි බූවැල්ලේ ගෙරද මලිත් නිසංසල සංජීව නොහොත් පැතුම් නැමැති 26 හැවිරිදි අයෙකි. .

පළාත හැර ගොස් ඇතැයි කී සැකකරු අත්අඩංගුවට පත්වන්නේ අම්පිටියේම සෙමනේරියවත්ත නම් කැලෑබද ප්‍රදේශයක සැඟවී සිටියදීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී සැකකරුගේ ගමන් මල්ලක අත්බෝම්බයක් සහ පෙට්‍රල්වලට සමාන දියර වර්ගයක් සහිත බෝතලයක් තිබී ඇතැයි විමර්ශන අංශ කියයි.

පසුගිය 26 වැනිදා රාත්‍රියේ මෙම දරුවා පුච්චා දැමිමේ අපරාධය සිදු වුවත් අපරාධකරුවන්ගේ බියගැන්වීම් නිසා එය ඉස්මතු වූයේ නැත. ඒ සම්බන්ධව ය ඊයේ සහ අද දෙදින තුළ මාධ්‍ය මගින් දැඩි අවධාරණයකින් යුතුව හෙළි කරනු ලැබීමෙන් පසු අපරාධකරු සෙවීම සඳහා අද මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායම් 04ක් යොදවනු ලැබීය.

මෙම සැකකරු ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධවී විටෙක බන්ධනාගාරගත වූ පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.