මුජිබර් , පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අද පාර්ලිමේන්තුවට දැනුම්දෙයි (වීඩියෝ)
කොළඹ නගරාධිපති ධූරය ධුරය සඳහා තරග වැදීම පිණිස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
තමන් වෙත අසූ හාර දහසකට වැඩි මනාප ඡන්ද ප්‍රකාශ කරමින් තමන්ව දෙවන වරටත් පාර්ලිමේන්තුවට එවූ ජනතාවට සිය කෘතවේදීත්වය පළකරන බව පැවසූ ඒ මහතා මේ රටේ සමස්ත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව පෙනී සිටි බවද සිහිපත් කළේය.
සැලසුම් කොට ඇති පරිදි වහාම මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට බලකරන බව පැවසූ ඒ මහතා ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන ලෙස ද ලෙසද ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.
ඒ මහතා ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මුජබර් රහුමාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ගොස් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදුන්නේය.
මුජුබර් රහුමාන් මහතාගේ නියත ජයග්‍රහණය වෙනුවෙන් තමාගේ උණුසුම් සුභ පැතුම් පිරිනමන බව එහිදී විපක්ෂ නායකතුමා පැවසීය.
https://youtu.be/gG68jtq7DP8
– Madushanka