ඡන්ද පත්‍රිකා සකස් කිරීම අද ඉඳන් පටන් ගනී!

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා සැකසීමේ කටයුතු අද (22) දිනයේ දී ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

ඒ, අදාළ පළාත් පාලන ආයතන සඳහා නියමිත පරිදි නාමයෝජනා භාරදුන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අනුවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 340 සඳහා වෙන් වෙන් වශයෙන් ඡන්ද පත්‍රිකා සැකසීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම දැනුම් දුන්නේ.

එලෙස සැලසුම් කරන ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත කඩිනමින් යොමුකිරීමට නියමිතය.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් එළැඹෙන 24 වැනිදා ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කිරීම එහි අරමුණයි.