වාලච්චේනේ මාරක අනතුරක් – දෙදෙනෙක් මරුට… කාන්තාවන් 04කට බරපතලයි
පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේදි ඊයේ (24) සවස හයට පමණ වෑන් රථයක් සහ පුද්ගලික බස් රථයක් මූණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් වෑන් රථයේ අසූ වියති රියදුරු සහ මාස 4ක් වයසැති පිරිමි දරුවෙකු මියගොස්, කාන්තාවන් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය කියයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ හලාවත පුත්තලම පාරේ අංක 72/1 ලිපිනයේ පදිංචිව සිටි අබ්දුල් මොහොමඩ් නව්ෆාර් යන අය බව පරික්ෂණ සිදුකරන ලච්චේන පොලිසිය පවසයි.
පුත්තලමේ සිට කාත්තන්කුඩිය බලා ධාවනය කරමින් තිබූ වෑන් රථය අක්කරෙයිපත්තු සිට කදුරුවෙල දක්වා එමින් තිබූ බස් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාලච්චේන පොලිසිය කියයි
අනතුරට හේතුව වෑන් රථයේ රියදුරුට නින්ද යෑම බව පරීක්ෂණ සිදු සිදුකරන පොලිසිය පවසයි.
තුවාල ලැබූ කාන්තාවන් හතරදෙනකු මඩකලපුව රෝහලට ඇතුළත් ලත් කර ඇති අතර එම කාන්තාවන් අතරේ පුත්තලම රෝහලේ සේවය කරන වෛද්‍යවරියක්ද වන බව පොලිසිය පවසයි.