හැංගි හොරා නෑ! IMF එකත් එක්ක ගනුදෙනු කරන හැටි මතුගමදී සජිත් එළිපිට කියයි!
අද ආණ්ඩුව තරඟයට බදු ගසමින් සිටින බවත් මාසික ආදායම රුපියල් 45000 ඉක්මවූවන්ට පවා බදු ගැසීමට ආණ්ඩුව සැරසෙමින් සිටින බවත්,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුවේ නොහැකියාව සහ නිවටකම හේතුකොටගෙන ශක්තිමත් ලෙස ජාත්‍යන්තරය අභියසට ගොස් කටයුතු කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේ කලාව හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඔප්පු කොට ඇතැයි ද සිහිපත් කළේය.
මානව හිමිකම් කොමිසමේ සභාපති රෝහිණී මාරසිංහ මැතිණිය ඒ රටේ උසස් පෙළ දරුවන් වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබා නොදුන් විදුලිබල මණ්ඩලයට සහ ඇමතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඇයට සිය ප්‍රශංසාව හිමි කරන බවත් පැවසූ විපක්ෂ නායකතුමා,මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දරු පරපුරට උසස් පෙළ හැදෑරීමට අඛණ්ඩව විදුලිය ලබා නොදුන් ජන පීඩක ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙරට එන බවද පැවසීය.
සුන්දර වචන වලට රැවටී වතාවක් රට බංකොලොත් කරගත්තත් මෙන් නැවත වැරදි තීන්දුවක් ගතහොත් මේ තිබෙන තැනින්ද රට පහලට වැටෙන බව විපක්ෂ නායකතුමා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද(30) කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයේ පැවැති සමගි ජනබලවේගයේ ජන රැළියක් අමතමිනි