වරදක් කර ඇති ඩයනාව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් අවශ්‍ය නෑ… අධිකරණය දැනුම් දෙයි…
සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති උල්ලංඝනය කර ඇති බව පෙනෙන බැවින් ආගමන විගමන නීතියට අනුව ඇය අත්අඩංගුවට ගත හැකි බව අධිකරණය රහස් පොලිසියට පෙන්වා දී තිබේ.
ආගමන හා විගමන පනත යටතේ ඇය වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බවත් මෙහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විවෘත අධිකරණයේ දී සඳහන් කළේය.
ඩයනා ගමගේ ගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (09) කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඉදිරිපත්වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මේ බව පැවසීය.
එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.