දේව වරමක් දෙන්න 11 හැවිරිදි දැරිය දූෂණය කළ කපුවා අත්අඩංගුවට…

අවුරුදු 11ක් වියැති බාලවයස්කාර දැරියක් දුෂණය කිරිම සහ පහළොස් හැවිරිදිවියේ පසුවන පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරිම සම්බන්දයෙන් කට්ටඩියෙකු අත්අඩංගුවට ගත්බැව් ඕපාත පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තවලම, 4 කණුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදිවියේ පසුවන විවාහකයෙකි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම කට්ටඩියා ශාස්තර කීම සඳහා වරමක් ලබාදෙන බව පවසමින් ඇයගේ නිවස තුළදී හිනිදුම බානගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 11 වියැති දැරියක් දුෂණය කොට තිබුණි.

මෙකි දැරියගේ පියා දැඩිලෙස මත්පැන් පානයට ඇබ්බැහිවිම නිසා එය නතර කිරිම සඳහා ගුරුකමක් කිරීමට දැරියගේ මව විසින් කට්ටඩියා ගෙන්වා තිබුණි. දැරියගේ නිවසට පැමිණි කට්ටඩියා දැරිය දැක අයට දේවවරමින් ශාස්තර කිම සඳහා වරමක් ලබාදිය හැකි බව පවසා ඇත. පසුව කට්ටඩියා විසින් දැරියගේ දෙම්ව්පියන් නිවසේ පිටතින් තබා දැරියට ආරූඪය ලබා දීමට බව පවසමින් ඇය නිවස තුළට රැගෙන ගොස් ඇත.

එම අවස්ථාවේ විදුලිය ද විසන්ධි වි ඇති අතර කට්ටඩියා විසින් නිවස තුළදි දැරිය දුෂණයට ලක්කොට ඇත. පසුව මේ පිළිබද දැරිය මවට පවසා ඇති අතර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කට්ටඩියා අත්අඩංගුවට ගනු ලැබිය.

මෙකි කට්ටඩියා අවුරුදු 15ක් වියැති පාසල් සිසුවියක් නෙළුව ප්‍රදේශයට රැගෙන ගොස් ඇයටද ලිංගික අතවර කොට තිබු බව පොලිසිය පවසයි.