තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල්යයි

එළඹෙන 22 23 හා 24 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල්දමා තිබේ.
ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මේ බව තහවුරු කරයි.
තැපැල් ඡන්ද විමසීමට අදාළ මැතිවරණ පත්‍රිකා මුදල් ගෙවීමකින් තොරව රජයේ මුද්‍රණාලය විසින් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම මත මෙම තත්ත්වය උදාවී තිබේ.