ඡන්දෙ කල්දාන්න දෙන්නෙම නෑ! ඡන්ද අයිතිය රැකගන්න සජිත්-සජබ පාරට බහින්න තීන්දු කරයි!
ජනතාවගේ ඡන්ද අයිතිය රැකගැනීම වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ වෙනුවෙන් පාරට බැස නොනවතින අරගලයක් දියත් කිරීමටත් සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පක්ෂයේ හදිසි කණ්ඩායම් රැස්වීමකදී මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ජනතාවගේ ඡන්ද අයිතිය මර්දනය කරන කිසිදු ක්‍රියාමාර්ගයට ආණ්ඩුවට ඉඩ තැබිය යුතු නැති බවකි.
ඒ අනුව වහාම ආණ්ඩුවේ මැතිවරණ නොපැවැත්වීමේ සූදානමට එරෙහිව ජනතාව සමග පාරට බැසිය යුතු බව සජබ ස්ථාවරය වී තිබේ.
අද දිනයේ දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම කණ්ඩායම් රැස්වීම පැවැත්වී තිබීමද විශේෂ සිදුවීමකි