අපහාසයට දුලාංජලී අනුරව උසාවි එක්කන් යයි! අපහාසය වෙනුවෙන් ලක්ෂ 20කුත් ගෙව්වා!

2017 නඩුව ඇහුවා! පෙරේරා කෙනෙක් වැරැදිකරු වුණා! අපහාසය වෙනුවෙන් ලක්ෂ 20කුත් ගෙව්වා! එහෙම තියෙද්දිත් කරපු අපහාසයට දුලාංජලී අනුරව උසාවි එක්කන් යයි! යවපු ලියුම මෙන්න!

 

තමන් සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශයක් සිදුකිරීම මුල්කොට ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කොට ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊට අදාළ ලිපිය පසුගිය 22 වැනි දින ජනාධිපති නීතිඥ ෆාමන් ජේ. කාසිම් මහතා විසින් අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකිරීමටද පියවර ගෙන තිබේ.

මෙසේ දුලාංජලී ප්‍රේමදාස මහත්මිය විසින්, අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නඩු පැවරීමට තීන්දු කොට ඇත්තේ පසුගිය දිනෙක අනුර කුමාර දිසානායක මහතා ප්‍රසිද්ධ වේදිකාවකදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුලාංජලී ප්‍රේමදාස මහත්මිය වෙත චෝදනා එල්ල කිරීම මුල් කරගෙනය.

මේ සම්බන්ධයෙන් විභාග වූ නඩුවක තීන්දුව 2017 මැයි 22 වැනි දින මහාධිකරණය මගින් ප්‍රකාශයට පත් කළ අතර, එහිදී ව්‍යාජ මුදල් මුද්‍රණය සම්බන්ධයෙන් එච්.එම්.ඒ.කේ.ආර්.එම්. පෙරේරා නමැත්තා වැරැදිකරු කිරීමට අධිකරණය පියවර ගෙන තිබිණි.

එහිදී දුලාංජලී ප්‍රේමදාස මහත්මියට සිදුව තිබූ අපහාසය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවීමටද නියම කෙරිණි. ඒ, 2017 ජූලි 21 වැනි දිනය. එම නඩුවේ තීන්දුව දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසිනි.

එසේ තිබියදී අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රසිද්ධ වේදිකාවේදී සිය සේවාදායිකාව වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියට අපහාසාත්මක අයුරින් ද්වේශසහගත ප්‍රකාශයක් කිරීම මුල් කොටගෙන අධිකරණය හමුවේ කරුණු දක්වන බව ජනාධිපති නීතිඥ කාසිම් මහතා සිය ලිපිය මගින් අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී ඇත. ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේය.

අනුර කුමාර වේදිකාවේදී

දුලාංජලී නඩු පවරන බවට යැවූ ලිපිය!