අද විරෝධයට කන් නුදුන්නොත් 8 දායින් පසු නොදන්වා ඉදිරියේ මහා වර්ජනයකට යාමටක් ….
රජය ක්‍රියාත්මක කරන අසාධාරණ බදු පනත හා තවත් යෝජනාවන් කීපයකට එරෙහිව වෘත්තිකයන් ගෙනගිය වැඩ වර්ජනය , අකුරට වැඩ කිරිම හා උද්ඝෝෂණයන්ට රජය කන්නොදී කටයුතු කළහොත් ලබන 8වෙනිදායින් පසුව නොදන්වා මහා වැඩවර්ජනයකට යාමට අද කොළඹදී පැවති විශේෂ සාකච්ඡාවකදී වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව එකඟ වී ඇත.
මෙම වැඩ වර්ජනය 1980දී ක්‍රියාත්මක කළ මහා වැඩවර්ජනයට එහා ගිය එකක් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මෙහිදී වෘත්තිකයන් අනතුරු අඟවා ඇත.
රජයේ බදු පනත සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ නොවන බවට රජය අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන බවත් රජයේ මර්දනකාරී වැඩපිළිවෙළ හේතුවෙන් රටේ පොදු ජනතාව අද වන විට ගලවා ගත නොහැකි පීඩනයට හසුවී ඇති බවත් වෘත්තිකයන් පෙන්වා දී ඇත.
කෙසේ නමුත් අද සෞඛ්‍ය, විදුලිය, ජලය, ඛනිජතෙල්, වරාය ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයන් හේතුවෙන් ආයතනයන්ගේ සේවා කටයුතු බොහෝ දුරට අඩපණ විනැයි ඔවුහු සදහන් කරති
රෝහල්වල හදිසි ප්‍රතිකාරයන් ඒ අයුරින්ම සිදු කළ නමුත් බාහිර රෝගී අංශය සහ සායනික කටයුතු සහ සැලසුම්කළ සැත්කම් මුළුමනින්ම නතර වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.