මැති ඇමති රාජ්‍ය නිලධාරී විදෙස් වියදම් කප්පාදුව හෙට සිට ක්‍රියාත්මකයි!

මැති ඇමතිවරුන්ගේ හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ විදේශ දීමනා හෙට (20) සිට කප්පාදු කිරීමට ජනාධිපති කාර්යාලය නියෝග නිකුත් කර තිබේ.

‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරන අන්දමට ඊට අමතරව දේශීය වියදම්වන රාජ්‍ය නිළධාරීන්ගේ පුහුණු වැඩසටහන්, අධ්‍යයන චාරිකා, සම්මන්ත්‍රණ, සාකච්ඡා ඇතුළු සයිලු සංචාර ද ජනාධිපතිවරයාගේ නියෝගයෙන් තහනම් කර ඇත. ඔවුන්ට සංචාරය කළ හැක්කේ පූර්ණ අනුග්‍රහය සහිත සංචාර පමණක් බවට මෙහිදී අවධාරණය කර තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන්, නගරාධිපතිවරුන්, නගර සභා සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සඳහා දෛනික ඒකාබද්ධ දීමනාව ඇමෙරිකානු ඩොලර් 200 සිට 150 දක්වා අඩු කර තිබේ.
අනෙකුත් නිලධාරීන්ගේ දීමනා දැනට පවතින දෛනික දීමනාවලින් සියයට 30කින් අඩු කර ඇත.

ගුවන් තොටුපළ ගාස්තු, රටක් තුළ විදේශ සංචාර සඳහා සහ වැඩමුළු, පුහුණුවීම් සහ සාකච්ඡා අතරතුර දුරකථන සහ අනෙකුත් වියදම් සඳහා උපරිම දින 30ක කාලයකට දිනකට වෙන් කරන ඩොලර් 40 ක මුදල උපරිම දින 15ක් සඳහා දිනකට ඩොලර් 25 දක්වා අඩු කර ඇත.

දින 15 ක කාලයක් සඳහා ඇමරිකානු ඩොලර් 75 ක් වන නිල සංචාරවලදී ගෙවනු ලබන දීමනාව උපරිම දින 10ක් දක්වා ඩොලර් 40 තෙක් පහත දමා තිබේ.

ශිෂ්‍යත්වයක් ලැබුණු විට සහ අමතර දීමනාවක් නොගෙවන විට, නිලධාරියාට දින 15ක් සඳහා දිනකට ඇමෙරිකානු ඩොලර් 40ක් ගෙවූ දීමනාව උපරිම වශයෙන් දින 10ක් සඳහා දිනකට ඇමෙරිකානු ඩොලර් 25ක් හිමි වේ.

දූත පිරිසේ ප්‍රධානියා ලෙස අමාත්‍යවරයකු හෝ අමාත්‍යාංශ ලේකම්වරයකු විනෝදාස්වාද දීමනාව සපුරාලීමට අපේක්ෂා කරන්නේ නම්, ඔහුට එතෙර ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා ඇමෙරිකානු ඩොලර් 750ක් ලබා ගත හැකි වනු ඇත. එම රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයක් නොමැති නම්, ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ අමාත්‍යවරයාට හෝ නිලධාරියාට මුදල් ගෙවනු ලැබේ.

මීට පෙර 2015 වසරේ නිකුත් කළ චක්‍රලේඛයක් සංශෝධනය කර නව චක්‍රලේඛය සකසා ඇත.

උසස් පෙළ Z අගය ඉහළින් සමත් ද? – උපාධියක් ගන්න ආණ්ඩුවෙන් ලක්ෂ 11ක්
පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කරන්න පොහොට්ටුවෙන් උත්සහයක් !
අමෙරිකාවට එරෙහිව සටන් කිරීමට උතුරු කොරියානු වැසියන් ලක්ෂ අටක් හමුදාවට එක් වෙයි
පාර්ලිමේන්තුවේ හිටපු 266කට පැන්ෂන් ගෙවන්න කෝටි 15ක් !
මැති ඇමති රාජ්‍ය නිලධාරී විදෙස් වියදම් කප්පාදුව හෙට සිට ක්‍රියාත්මකයි!