මහ මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන්
මහ මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන් පසුවන බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතන විසින් 2023 පෙබරවාරි මාසයට අදාලව සිදුකරන ලද මත විමසුමකින් මේ බව හෙළි වී ඇත.
එම සමීක්ෂණය අනුව ජාතික ජන බලවේගයට 43% ජන ප්‍රසාදයක් ලැබී ඇති අතර සමගි ජන බලවේගයට ලැබී ඇත්තේ 30% ක ප්රතිශතයකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුන හා එක්සත් ජාතික පක්ෂය 4% බැගින් ජනතා කැමැත්ත ලබාගෙන ඇත.