ඉන්ධන පෝලිම් සියල්ල අතුරුදහන් වී.. පිරවුම්හල් පාළුවට යයි..

තෙල් සේවකයන්ගේ වැඩවර්ජනයක් මත රට තුළ ඇති වී තිබූ ඉන්ධන පෝලිම් මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ නැති වී ගොස් තිබේ.

ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කරන බවට රජය නිවේදනය කිරීමත් සමග පිරවුම්හල් ඉදිරිපිට තිබූ දීර්ඝ වාහන පෝලිම් අතුරුදහන් වී ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඇතැම් පිරවුම්හල්වලට ඉන්ධන ලැබීමෙන් පසු ඉන්ධන ලබා ගෙනද ඇතැම් වාහන පිටව ගොස් තිබේ.

කෙසේවෙතත් හෙට දිනයේදී රට තුල ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට පත් වණු ඇති බවද ඉන්ධනහල් පිරවුම්කරුවන්ගේ සංගමය කියා සිටී.