පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහැරි බව කියන හමුදා සෙබළෙකු අත්අඩංගුවට
පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහැරි බව කියන හමුදා සෙබළෙකු ඊයේ (29) රාත්‍රී 9.30 ට පමණ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 23 හැවිරිදි වියේ පසුවන මාතලේ තල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරවෙකි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් පසු පල්ලේකැලේ රයිෆල් බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
කලක් ප්‍රේම සමබන්ධයක් පැවැත් වූ තරුණිය වෙනත් පුද්ගලයෙකු හා විවාහ වීම නිසා උරණව සැකකරු ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහැර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමේ දී සැකකරු මහනුවර පල්ලේකැලේ රයිෆල් බලකා කඳවුරට අනුයුක්තව සේවය කරන බව අනාවරණය වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.