මහනුවර සිදුවූ හදිසි අනතුරකින් ජර්මන් ජාතිකයෙක් මිය යයි!
ඊයේ රාත්‍රියේ මහනුවර තරු හෝටලයක් තුළ සිදු වූ හදිසි අනතුරක් නිසා ජර්මන් ජාතිකයෙකු මියගොස් ඇත.
ඔහු නවාතැන් ගෙන සිටි මහනුවර වැව රවුමේ තරු හෝටලයේ නාන කාමරය තුළ ඇද වැටීමෙන් තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම ජර්මන් ජාතිකයා මියගොස් තිබේ. .
මියගිය Jorg Siemers නැමැති 47 හැවිරිදි ජර්මන් ජාතිකයා බිරිඳ හා දස හැවිරිදි පුතා සමඟ මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 25 දින බව පොලීසිය පවසයි.
හෝටලයේ නාන කාමරයේ දී මොහු මෙම අනතුරට මුහුණ දී ඇත.
ජර්මන් ජාතිකයාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කිරීමෙන් පසු මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධව ජර්මන් තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.