යාපනය මාධ්‍යවේදී නිමලරාජන් ඝාතන සැකකරුවෙක් බ්‍රිතාන්‍යයේ දි අල්ලයි!
යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වූ නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු බ්‍රිතාන්‍ය පොලීසිය විසින් 30 දා බ්‍රිතාන්‍යයේ නෝර්ත් හැම්ටන්ෂයර් ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
49 හවිරිදි මෙම සැකකරුවා යාපනයේ පදිංචිකරුවකු බවට තොරතුරු අනාවාරණය වී තිබේ.
යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනයට ලක් වූයේ 2000 ඔක්තෝම්බර් 19 වන දින වන අතර ඔහුගේ නිවස ආසල දමා ගොස් තිබූ පාපැදියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත් වූ යාපනය පොලිසියට එම ඝාතනය සම්බන්ධයෙන් ඊ.පී.ඩී.පි. සාමාජිකයින් හතර දෙනෙකු ඇතුලුව හය දෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබුණි.
ඒ සම්බන්ධයෙන් වූ නඩු විභාගය යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේදී හා මහාධිකරණයේදී විභාග වූ අතර මීට වසර හතරකට පමණ ඉහතදී ඝාතන චෝදනා එල්ල වී තිබුණු හය දෙනාම අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කොට තිබුණි.
එවැනි පසුබිමක් මත බ්‍රිතාන්‍ය පොලීසියට ලැබුණු තොරතුරක් මත නිමලරාජන් ඝාතනය සම්බන්ධයන් සැකකරුවකු බ්‍රිතාන්‍යයේදී අත් අඩංගුවට ගෙන තිබේ.