හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ , ලාෆ් ගෑස් මිල අඩු කිරීම ක්‍රියාත්මක වේ

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.
ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක වේ.
කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1000කින් අඩු කරන බව ගෑස් සමාගම් ප්‍රධානියා සඳහන් කරයි.
ඒ සමගම ලාෆ් ගෑස් සමාගමද ගෑස් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව හෙට 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට සමාගම අදහස් කරයි.