අද කොළඹ එන වෘත්තීය සමිති එකමුතුවට අධිකරණ නියෝගයක්!

කොටුව පොලිසිය විසින් ඉදිරිපත් කළ බී වාර්තාවක් සැලකිල්ලට ගෙන අද (04) දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වීමට නියමිත විරෝධතාවයට සහභාගිවන විරෝධතා කරුවන්ට එරෙහි අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ජනාධිපති මන්දීරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා අද පෙරවරුවේ මෙම නියෝගය නිකුත් කර ඇත.

විරෝධතාවයට සහභාගි වන්නන්ට පෙළපාලියකින් ගොස් එම ස්ථානයන්ට ඇතුළුවීම, රාජ්‍ය දේපළවලට හානි කිරීම සහ රජයේ නිලධාරින්ගේ රාජකාරිවලට බාධා කිරීම ද මෙම නියෝගයෙන් තහනම් කර තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අධිකරණ නියෝගය වසන්ත සමරසිංහ, බන්දුල සමන් කුමාර, රවී කුමුදේශ් සහ උදේනි දිසානායක යන වගඋත්තර කරුවන් ඉදිරියේ උසාවි නියෝගය කියවා භාර දෙන ලෙසද, නීතිවිරෝධි අන්දමින් කටයුතු කරන්නේ නම් පොලිස් ආඥා පනත, මංමාවත් පනත ඇතුළු පනත්වල වගන්ති ප්‍රකාරව කටයුතු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දී ඇත.