පේරාදෙණියේ ගැබිනි මවට මරු කැඳවූ බවට සැක කරන නිර්වින්දන ඖෂධය රජයේ රෝහල්වලින් ඉවතට
දැන් මතුවන නිර්වින්දන ඖෂධ හිඟය මගහරවා ගැනීමට මියන්මාරයෙන් එවූ ඖෂධයක් රජයේ රෝහල්වලට …
ඉන්දියන් ඖෂධය වෙනුවට හඳුන්වා දෙන්නේ මියන්මාරයෙන් ප්රදානය කළ ඖෂධයත් ලංකාවේ රාසායනාගාර පරීක්ෂාවකට ලක් කර නෑ…
පේරාදෙණිය රෝහලේ දී දැරු ප්‍රසූතියේදී මිය ගිය තරුණ මවකට නිර්විදනය සදහා ලබා දුන් ඖෂධය වහාම ක්‍රියාත්මකව වන පරිදි භාවිතයෙන් තාවලිකව ඉවත් කළ බව රජයේ වෛදය සැපයුම් අංශයේ අධ්යක්ෂ කපිල වික්‍රමනායක සඳහන් කරයි.
ජාතික ඖෂධ අධිකාරියේ අධ්යක්ෂවරයාගේ ලිඛිත ලියවිල්ලක් මත මෙම තීරණය ගත් බව හෙතෙම පැවසුවේය.
පසුගියදා ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දීය ඖෂධ සමාගමකින් මෙරටට ගෙන්වූ මෙම ඖෂධය රටපුරා රෝහල්වෙත බෙදාහැර ඇති බවත් මෙසේ බෙදා හැරි කණ්ඩ තුනම මේ වන විට භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර ඇති බව වෛද්‍ය වික්‍රමනායක පැවසුවේය.
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වූ ඖෂධ මෙරට තත්ත්ව පරික්ෂාවකට ලක් කිරීමට හැකියාවක් නොමැති බැවින් එම ඖෂධයේ ලියකියවිලි හා අනෙක් රටවල භාවිතය පිලිබඳව පරික්ෂා කර මෙරට භාවිතයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සදහන් කරයි.
කෙසේ නමුත් මේ වන විට ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වා ඇති නිර්වින්දන ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමත් සමග රෝහල්වල නිර්විනදන ඖෂධවල බරපතල හිඟයක් මතු ඇති බවත් එම හිඟය පියවා ගැනීම සඳහා මේ වන විටත් මියන්මාර් රජයෙන් ආධාරයක් ලෙස ලැබී ඇති එන්නත් 40000ක ප්‍රමාණයක් රෝහල්වෙත බෙදා හැරි බවත් වෛද්‍ය වික්රමනායක් පැවසුවේය.