ලබන වසර මැද වනතුරු කිසිම මැතිවරණයක් නෑ

ලබන වසර මැද භාගය වනකෙත් කිසිම මැතිවරණයක් නොපවත්වන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
මේ වනවිට ලබන වසර මැද දී පැවැත්වීමට සැලසුම්වන ජනාධිපතිවරණයකට සූදානම් වන ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එජාප ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

එජාපය ප්‍රමුඛ පොදු සන්ධානයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන බව ඔහු විසින් පක්ෂයේ නායකයින්ට දැනුම් දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි..

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනාධිපතිවරණයට සූදානම් වීමේ මූලික පියවරක් ලෙස මෙවර මැයි දිනය ඉහළින් සැමරීමට සැලසුම් කර ඇතැයි එජාප ප්‍රකාශකයෙක් පැවසීය.

පොදු අපේක්ෂකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ පෙනී සිටීමට සූදානම් වී සිටින නිසා , මෙවර මැයි දිනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ වැඩ කටයුතුවලට ඍජුව සම්බන්ධ නොවන බව ද එම ප්‍රකාශකයා කීය.