කොළඹ අලුත්කඩේ උසාවිය අසල පාතාල කල්ලි දෙකක් ගැටෙති…

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ දෙපිරිසක් අතර ගැටුමක් සිදු වී තිබේ.
පොලු මුගුරු සහ කඩු රැගෙන පැමිණි පිරිසක් මරදාන ලොකේට් මාවතේ නිවාස කිහිපයකට සහ ත්‍රීරෝද රථ වලට පහර දී මෙසේ අලාභහානි සිදු කර තිබිණි.
කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයිද වාර්තා වෙයි.
එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකු ඉලක්ක කර මෙම පහර දීම සිදු කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.