ශ්‍රී ලංකාවේ වඳුරන් ඉල්ලුවේ නැහැ : චීන තානාපති කාර්යාලය ඇමතිගේ රිලා කතාව ප්‍රතික්ෂේප කරයි….

ශ්‍රී ලංකාවේ වඳුරන් ලක්ෂයක් චීනයට ආනයනය කිරීම සම්බන්ධව දේශීයව හා ජාත්‍යාන්තරව පැතිරෙන කතා අසත්‍යයක් බවත් චීන රජයෙන් කිසිවෙක් මෙවන් ඉල්ලීමක් හෝ යෝජනාවක් මෙතෙක් කර නැති බවත් චීන තානාපති කාර්යාලය විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මැකේක් වඳුරන් “100,000” “පර්යේෂණාත්මක අරමුණක්” සඳහා චීන පෞද්ගලික සමාගමකට ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම පිළිබඳ දේශීය හා විදේශීය මාධ්‍ය මෑත කාලීනව වාර්තා කරන වැරදි තොරතුරක් තානාපති කාර්යාලයේ අවධානයට ලක්ව ඇති බවය.

එමෙන්ම ඉන් අනතුරුව ශ්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහ කැබිනට් ප්‍රකාශකවරයාගේ සවිස්තරාත්මක පැහැදිලි කිරීම් අසන්නට ලැබිණු බවද චීන තානාපති කාර්යාලය කියයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහෙත් තානාපති කාර්යාලය බීජිං හි අදාළ බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂා කිරීමේ දී වන සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්‍ෂණය කරන සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන The Chinese National Forestry and Grassland Administration, පැහැදිලිවම ප්‍රකාශ කළේ කිසිම පාර්ශවයකින් තමන්ට එවැනි ඉල්ලීමක් හෝ අයදුම්පතක් ලැබී නැති බවත් තමන් ඒ සම්බන්ධව කිසිත් නොදන්නා බවත් යැයි තානාපති කාර්යාලය කියයි.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල (CITES) ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ කොටස්කාර පාර්ශ්වයක් ලෙස චීනය 1988 සිට, දැනටමත් සංශෝධන කිහිපයක් සමඟ වනජීවී ආරක්ෂණ නීතිය සම්මත කර ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.

චීන රජය සෑම විටම වනජීවී ආරක්ෂාව සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන අතර ජාත්‍යන්තර වගකීම් සක්‍රීයව ඉටු කරන බවත්, එමඟින් වනජීවී ආරක්ෂණ නීති සම්පාදනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනය ලෝකයේ ඉහළම රටක් බවට පත් වී ඇති බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් දන්වා සිටි.