රන්ජන්ගේ අලුත් වැඩේ මෙන්න! (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාසල් සහ දරුවන් උදෙසා ලැප්ටොප් පරිගණක ලබා දීමේ වැඩසටහාක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (20) පාසල් 11කට එම පරිගණක 23ක් ඇතුළුව ලැප්ටොප් පරිගණක 116ක් බෙදා දී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඇමරිකාවේ වෙසෙන පරිත්‍යාගශීලින්ගෙන් එම පරිගණක තමන් වෙත ලැබෙන අතර ඉදිරියටත් මෙම සමාජ සත්කාරය සිදුකරන බවයි රාමනායක මහතා සඳහන් කරන්නේ.

අඩු ආදායම්ලාභී දරුවන් සඳහා මෙම පරිගණක බෙදාදීම සිදුකරන අතර 077 36 24 927 යන දුරකථන අංකයට අයදුම් කළ හැකි බවත් අනතුරුව සුදුසුකම් සපුරන දරුවන් සියලු දෙනාට එම ලැප්ටොප් පරිගණක ලබාදෙන බවත් රාමනායක මහතා ප්‍රකාශ කරන ලදී.