අධිවේගී ගාස්තුව සියයට 25කින් වැඩි වේ

මෙරට සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2008 අංක 40 දරන ජාතික මං මාවත් පනත යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව පවතින අධිවේගී මාර්ග ගාස්තු සියයට 25කින් ඉහළ දමා ඇත.
කොට්ටාව කටුනායක නව ගාස්තුව රුපියල් 400 ක් ලෙස ද, කටුනායක සිට හම්බන්තෛාට දක්වා ගාස්තුව රුපියල් 1300ක් ලෙස ද, කොට්ටාව සිට ගාල්ල දක්වා ගාස්තුව රුපියල් 500ක් ලෙස ද කටුනායක පෑලියගොඩ රුපියල් 400ක් ලෙස ද, ජාඇල පෑලියගොඩ රුපියල් 250ක් ලෙසද වෙනස් වී තිබේ.
ඒ අනුව ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහනවල හෝ ඇක්සල් දෙකක් සහ රෝද 06ක් සහිත ද්විත්ව කාර්ය වාහන සඳහා ගෙවි යුතු ගාස්තුව සංශෝධනය වි ඇති ආකාරය පහත දැක්වේ.