‘කුඩු අංජු’ ප්‍රංශයේදී හසුවෙයි ! – ලංකාවට රැගෙන ඒමේ සුදානමක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු බව කියන සිංහාරගේ චමින්ද සිල්වා නොහොත් “කුඩු අංජු” අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ ජාත්‍යන්තර පොලීසිය මගින් ඒ පිළිබඳව දැනුම්දී ඇති බවය.
ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ කුඩු අංජු නමැත්තා විදේශයන්හි සිට මෙරට තුළ සිය ජාවාරම් මෙහෙයවීමට කටයුතු කර තිබු බව පැවසේ.
ඔහු මීට දින කිහිපයකට පෙර ප්‍රංශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ බිරිඳ සමඟ ඇතිවූ ආරවුලක් මත ඇය විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව බවද වාර්තා වෙයි.
මෙරට අපරාධ රැසකට සම්බන්ධව අවශ්‍යව සිටි ඔහු ඉකුත් සමයේ දිවයිනෙන් පලා ගොස් සිටියේය.
අත්අඩංගුවට ගනු ලැබූ රත්මලානේ අංජුගේ වසය අවුරුදු 39කි.