අරූන් සිද්ධාර්ථන්ගේ ගෝලයන් බෙරා ගන්න දේශපාලන බලවතුන්ගෙන් පොලිසියට බලපෑම්
යාපනයේ දේශපාලනික ක්රියාධරයෙකු ලෙස පෙනී සිටින, දැනට පොලිස් අත්අඩංගුවට පත් වී ඇති අරුල් සිද්ධාර්ථන්ගේ ආධාරකරුවන් දෙදෙනෙකු කෝපායී පොලීසියේ නිලධාරීන්ට උල් පිහියක් පෙන්වා මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට දේශපාලන බලවතුන්ගෙන් පොලිසියට බලපෑම් එල්ල වෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඊයේ (29) කෝපායී පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු යාපනයේ උරුම්පිරායි ප්රදේශයේ රථවාහන පරීක්ෂා කිරීමේ නිරතව සිටියදී එම මාර්ගයේ ගමන් කළ යතුරු පැදියක් පරීක්ෂා කිරීමේ දී උක්ත සැකකරුවන් උල්පියක් ඇද පෙන්වා මෙසේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනා සූදානම් වනවිට යතුරු පැදියත්, එම නිලධාරීන් විසින් පරීක්ෂා කරමින් සිටි ලිපි ලේඛන කොටසකුත් අතහැර දමා සැකකරුවන් පලා ගොස් ඇත.
කෝපායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් යාපනය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස යාපනය මහේස්ත්රාත්වරයා නියෝග කොට තිබේ.
අධිකරණ නියෝගය එසේ තිබියදී සැකකරුවන්ට අයත් යතුරු පැදිය ආපසු ලබා ගැනීමටත් සැකකරුවන් අත් අඩංගුවට නොගෙන සිටීමට කටයුතු කරණ ලෙසත් ඉල්ලමින් කෝපායී පොලිසිය වෙත දේශපාලනඥයින් ඇතුලු තවත් විශාල පිරිසකගෙන් බලපෑම් එල්ල වන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.
සැකකරුවන් දෙදෙනාගේ නායකයා බව කියන අරුල් සිද්ධාර්ථන් නැමැත්තා යාපනයේ පහරදීමකට සම්බන්ධ සැකකරුවකු වීම නිසා මැයි මස 2 දක්වා රිමාන්ඩ් බාරයේ පසු වෙයි.