තුර්කි හමුදා විසින් IS සංවිධානයේ ප්‍රධානියා ඝාතනය කරයි

තුර්කි හමුදා විසින් IS සංවිධානයේ ප්‍රධානියා බවට සැක කෙරෙන නායකයා ඝාතනය කර තිබෙනවා.

බුද්ධි අංශ එල්ල කළ ප්‍රහාරයකින් වත්මන් IS නායකයා ලෙස සැළකෙන අබු හුසේන් අල් කුරේෂි සිරියාවේදී ඝාතනය කළ බව තුර්කි ජනාධිපති රිසෙප් ටායිප් අර්ඩොගන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

උතුරු සිරියාවේ ජන්දරිස් නගරයේ දී මොහු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.