කාල් මාක්ස් කරේ තියාගෙන මේ රට ගොඩ ගන්න බැ…- පැතුම් කර්නර්
කාල් මාක්ස්, එංගල්ස් කරේ තියාගෙන ගොස් මේ රට ගොඩ ගැනීමට නොහැකි බව ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙළ නායකයෙකු ලෙස කටයුතු කරන පැතුම් කර්නර් මහතා සඳහන් කරයි.
රටක් දියුණු වන්නට නම් නිදහස් වෙළඳපල ආර්ථිකයක් පැවතිය යුතු බවත් ඒ සඳහා තමන් පෙනී සිටින බවත් හෙතෙම කියා සිටියි.
එසේ නැතිව රට වසා ගෙන කටයුතු කළ නොහැකි බවත් රට වසාගෙන කළ හැක්කේ රට ඇතුළේ කර්මාන්ත තර්ජනයකින් තොරව පවත්වාගෙන යාම පමණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.
අන්තර්ජාල නාලිකාවන සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර ඇත.