කළුතර හෝටලයක් පිටුපස පාසල් සිසුවියකගේ නිරුවත් මළ සිරුරක්
කළුතර නගරයේ දුම්රිය මාර්ගයට යාබද පිහිටී මහල් පහකින් සමන්විත තාවකාලික නවාතැන්පොළක තුන්වන මහලින් ඇද වැටී මියගිය පාසල් සිසුවියකගේ නිරුවත් මළසිරුරක් සොයාගෙන තිබේ.
කළුතර දකුණ පොලීසිය පැවසුවේ, ලද තොරතුරකට අනුව ඊයේ (06) රාත්රියේ එම සිරුර සොයාගත් බවය.
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර, නාගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවියකි.
පොලීසිය පැවසුවේ අදාළ සිසුවියගේ දෙමාව්පියන් විසින් ඇයව හඳුනාගත් බවය.
එම සිසුවිය ඊයේ පස්වරුවේ තවත් තරුණ යුවළක් සහ තරුණයෙකු සමග එම තාවකාලික නවාතැන්පොළට පැමිණ ඇති අතර තුන්වන මහලෙහි කාමර දෙකක් කුලියට ගෙන එහි රැඳී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සිසුවිය සමග පැමිණි අනෙක් යුවළ ඇයගේ මළසිරුර සොයාගැනීමට කෙටි වෙලාවකට පෙර නවාතැන්පොළෙන් පිටව ගොස් ඇති අතර, ඇය සමග පැමිණි තරුණයා කාමරයෙන් පිටව ගොස් ඇති බව පොලිසීය සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.
පොලීසිය සඳහන් කළේ, තරුණියගේ සිරුරේ ප්රදේශ කිහිපයක සීරීම්, කැපීම් සහ තැලීම් තුවාල දැකගැනීමට හැකිවූ බවය.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකරන අතර, මහෙස්ත්රාත් පරීක්ෂණය සිදුකිරිමට නියමිතය.