දුම්රියෙන් ගෙදර යන අයට විශේෂ පණිවිඩයක් !

දුම්රිය ස්ථානාධිපතිවරුගේ සංකේත වැඩ වර්ජනය හේතුවෙන්  අද පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 05ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම  අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය හැරුණුකොට සෙසු සියලුම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත්  කියයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දූෂිත චෝදනා ලද පුද්ගලයෙක්   නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ ) ලෙස පත්කිරීමට විරෝධය පලකිරීමක් ලෙස පැය 24ක සංකේත වැඩවර්ජනයක් කිරීමට ඊයේ දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබිණි.