දැරියන් 16 ක් අපයෝජන කළ ටියුෂන් ගුරා අත්අඩංගුවට : ඔත්තුව දුන්නේ ටියුෂන් ගුරාගේ බිරිය!
පාසල් සිසුවියන් දාසය දෙනෙකුට පමණ ලිංගික අතවර සිදුකරමින් සැඟව සිටී උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සමත්ව ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කිය.
සැකකරු පටිගත කල දර්ශන අනුව ලිංගික අතවර කිරීම් 16 ක් සම්බන්දයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බවත් කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සදහන් කරයි.
කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද සදහන් වේ.
සැකකාර ගුරුවරයා අනියම් සම්බන්ධතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිය කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන්ට අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණයවී දෙමව්පියන් දැනුවත් කර ඇති බවත් ජේෂ්ඨ පොලිස් නිළධාරියෙක් කීය.
නිවෙස් වලට යාමට ප්‍රවාහන පහසුකම් නොමැති අවස්ථා වලදී සැකකරු දැරියන් නිවෙස් වලට ඇරලවන මුවාවෙන් සිය මෝටර් රථයෙන් කැටුව ගොස් පාලු පෙදෙස් වලදී මෝටර් රථය තුල තබාගෙන අතවර කර ඇති බවත් zoom ලින්ක් දැරියනට යවා නිවැසියන් නොමැති අතරේ zoom තාක්ෂණය ඔස්සේද ලිංගික අතවර කර ඇති බවත් පොලිසිය අනාවරණය කටගෙන තිබේ.
අගතියටපත් දැරියන් මෙන්ම දෙමව්පියන්ද ඉදිරිපත්වීමේ මැලිකමක් නිරීක්ෂණය වන බවත්, එවැනි දැරියන් වේ නම් කළුතර උතුර පොලිසිය අසල පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටී.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.