උතුරේ වැසියන් යුද්ධයෙන් මිය ගිය ඥාතීන් සිහිපත් කරති!
උතුරේ වැසියන් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොස් 18 දා පෙරවරුවේ යුද්ධයෙන් ජීවිතක්ෂයට පත් ඔවුන්ගේ ඥාතීන් සිහිකරමින් මල් පහන් හා ඉටිපන්දම් දල්වා පින් අනුමෝදන් කළහ.
පෙරවරු 10.29 ට මුල්ම පහන දල්වමින් මෙම පින්කම් මාලාව ආරම්භ කළ අතර මුළු උතුරු ප්‍රදේශය පුරාම වීථි සංචාරය කළ යුද්ධයෙන් මියගිය වැසියන් සමරණ විශේෂ රථයද එම වේලාවට මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයට රථ පෙරහැරකින් පැමිණ තිබුණි.
මීට පෙර මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේ යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට විශේෂ ස්මාරකයක් පිහිටුවා තිබූ අතර එය කිසියම් පිරිසක් විසින් කඩා බිද දැමීමෙන් පසුව මෙවර එම පින්කම සඳහ නව ස්මාරකයක් තනා තිබුණි.
එම ස්මාරකය වෙත ගිය උතුරේ වැසියෝ යුද්ධයෙන් මියගිය පිරිස සමරා ඔවුන්ට පින් අනුමෝදන් කළහ.