වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට ඇප

කැළණිය විශ්ව විද්‍යාලය අසල විරෝධතාවක් අතරතුර අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් 08 දෙනා ඇප මුදා හැරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියම කළේය.
ඒ, ඊයේ පස්වරුවේ ඔවුන්ව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
අයුතු ජන රාශියක සාමාජිකයින් වීම, පොලිසියට පහරදීම සහ පොලිසියේ රාජකාරියට බාධාකිරීම යන චෝදනා යටතේ ඔවුන්ව පෙරේදා රාත්‍රියේ කිරිබත්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.