ඔන් ලයින් ක්‍රමයට පාස්පෝට් එකක් ගන්න විදිහ…

අද (15) සිට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ඔන් ලයින් ක්‍රමයට පාස්පෝට් අයැදුම්පත් යොමු කිරීමට හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන
http://www.immigration.gov.lk/pages_e.php?id=24
වෙබ් අඩවියට පිවිසිමෙන් තොරතුරු ඇතුළත් කර ඒ සඳහා අයැදුම් කළ හැකි බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවසුවේ,

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මාර්ගගත ක්‍රමයට විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයැදුම් කිරීම සඳහා අයදුම් කිරීම

පළමු වරට අයැදුම් කරනවා නම් ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකය අවශ්‍ය වේ.

විදේශ ගමන් බලපත්‍රයක් දැනටත් අතැතිව එනම් ගමන් බලපත්‍රය කල් ඉකුත් වී ඇති නම් ගුවන් ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ ඡායා පිටපතක් අවශ්‍යය.

මාර්ගගත ක්‍රමයට අයැදුම් කළ විදේශ ගමන් බලපත්‍රයක් ලැබෙන්නට යන කාලය
කඩිනම් සේවය යටතේ දින තුනකින් සහ සාමාන්‍ය සේවාව යටතේ දින 14කට පසුව එළඹෙන දිනයක ගමන් බපත්‍රය ලබා ගත හැකිය.

ගමන් බපත්‍රයක් සඳහා වැයවන මුදල
කඩිනම් සේවය යටතේ රු. 15,000 ක් සහ සාමාන්‍ය සේවාව සඳහා රු. 5000 ක මුදලක් වැය වේ.

ඇඟිලි සලකුණු ලබාදීම සිදු සිදුවන අයුරු…
මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අනුබද්ධව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාල 51 ක් සහ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශීය කාර්යාල 4 කින් සතියේ වැඩ කරන දිනවල උදෑසන 09.30 සිට පස්වරු 4.15 දක්වා අවශ්‍ය පහසුකම් සහිතව ස්ථාපිත කර ඇත.

මාර්ගගත ක්‍රමයට අයැදුම් කළ හැකි අයදුම්කරුවන්..
අවුරුදු 16 වඩා වැඩි අයට අයැදුම් කළ හැකියි.
අවු. 16 වඩා අඩු දරුවන්ට දෙමාපියන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 4ට හෝ ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතුයි.

විදේශ ගමන් බලපත්‍රයේ කුමන හෝ වැරැද්දක් තිබුනොත්…
විදේශ ගමන් බලපත්‍රයේ නමේ හෝ රැකියාව ඇතුළත් කර ගැනීම වැනි ක්‍රමවේද සඳහා මෙම පහසුකම ඔස්සේ සේවාව සපයන්නේ නැත.

වැඩි විස්තර දැන දැනගත හැකි දුරකථන අංක
රාජකාරී වේලාවන් තුළ 1962 සහ 0112101500 අංකයට ඇමතිය හැකියි.