ඉංග්‍රීසි අමාරුනම් දෙමළෙන් කතා කරන්න… මට දෙමළ තේරෙනවා… – රනිල් (Video)

ඉංග්‍රීසි භාෂාවෙන් ආයාසයෙන් ප්‍රශ්නයක් ඇසීමට උත්සාහ කළ ප්‍රංශයේ වෙසෙන ද්‍රවිඩ ජාතිකයෙක් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්නය ඇසීමට අපහසුනම් දෙමළ භාෂාවෙන් එය අසන ලෙසත් තමන්ට දෙමළ තේරෙන බවත් ප්‍රකාශ කළේය.
ප්‍රංශයේ පැවති උත්සවයකදී මෙම ද්‍රවිඩ ක්‍රියාකාරිකයා ආයාසයෙන් කතා කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ වෙනත් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට පෙර ශ්‍රී ලංකාවේ මානුෂීය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙසය.
ශ්‍රී ලංකාවේ රජය ප්‍රජාතන්ත්‍රවාදී යැයි තමන් විශ්වාස නොකරන බව ද එම ක්‍රියාකාරිකයා කීමට උත්සාහ කළේය.
ක්‍රියාකාරිකයා කියන්නට උත්සාහ කරන දේ තමාට නොතේරෙන බවත් ඉංග්‍රීසි නොදන්නේ නම් දෙමළ භාෂාවෙන් කතා කරන ලෙසත් ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේය.
තමා දෙමළ දන්නා බව ජනාධිපතිවරයා කීවේය. ක්‍රියාකාරිකයා පසුව දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීමට පටන් ගත් නමුත් සංවිධායකයෝ එය දීර්ඝ ලෙස ඇදීයාම වැළැක්වූහ.
පහත දැක්වෙන්නේ ඩේලි මිරර් ඒ අවස්ථාව වාර්තා කර තිබුණු අයුරුය.