සුරේෂ් සලේට හා පිල්ලෙයාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි” – විජිත හේරත් (Video)
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
“පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතදීත් ඉතා පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කරමින් ප්‍රහාරය සම්බන්ධ අපේ ස්ථාවරය රටට කියා තිබෙනවා. පාස්කු ප්‍රහාරය එල්ල කළ ආකාරයත් ඉන්පසුව ක්‍රියාකළ ආකාරයත් තුළින් ඉතා පැහැදිලිව සනාථ වී තිබෙන්නේ බලයට තිබෙන කෑදරකම නිසා ඇති කළ සිද්ධියක් බවයි. ඒ වෙනුවෙන් සැලසුම් සහගතව සිදුකළ ප්‍රහාරයක් බව ‘චැනල් ෆෝ’ නාලිකාවෙන් මුදාහළ වීඩියෝවෙන් නැවත තහවුරු වෙනවා. ප්‍රහාරයෙන් පසුව ඒ දඩයම කරේ තබාගෙන ගියේ රාජපක්ෂ කණ්ඩායම බවත් එයට පෙර වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා ආදිය විවිධ ප්‍රචාර ගෙනගියා. ප්‍රහාරය සිදුකර, දවස් කිහිපයකට පසුව ජාතික ආරක්ෂාව තහවුරු කළ හැක්කේ තමන්ට පමණක් බව කියමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
මවුලානා සහ ගෝඨා හමුවුණා
‘චැනල් ෆෝ’ නාලිකාව තුළින් මව්ලානා හෙළිකරන තොරතුරු අනුව නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති පිල්ලෙයාන් සහ දැනට රාජ්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානියා වන, සුරේෂ් සලේ මේ කණ්ඩායමත් සමග ඍජුව ගනුදෙනු කළ බව පැහැදිලියි. මේ වාර්තාව නිකුත් කරන බව ප්‍රචාරය කළ සැනින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම 05දා පාර්ලිමේන්තුවේදී මව්ලානා පිළිබඳ විවිධ චෝදනා ඉදිරිපත් කළා. නමුත් මේ මව්ලානා ගෝඨාභය රාජපක්ෂ, පිල්ලෙයාන්, එක්ක සිටින ඡායාරූප හමුවී තිබෙනවා. පිල්ලෙයාන් එක්ක තිබූ සම්බන්ධය ඔහුම හෙළිකර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ නිවැරදි එල්ලයකට ක්‍රියාත්මක නොකළ නිසා, සැබෑ චුදිතයන් තවමත් සැඟවී සිටිනවා. නමුත් මේ තොරතුරුවලින් මහ මොළකරුවා සහ ඔවුන්ගේ උවමනාවන් ඉතා හොඳින් පැහැදිලි වෙනවා.
මැල්කම් රංජිත් කාදිනල්තුමා අවස්ථා කිහිපයකදීම විවිධ තොරතුරු අනාවරණය කරමින් පරීක්ෂණ කළ යුතු පුද්ගලයන් සහ ඉලක්කය පිළිබඳව ප්‍රකාශ කර තිබුණා. නමුත් අද වනතුරුත් ඒය සිදුකළේ නැහැ. සහරාන් කණ්ඩායමේ තිබුණු අන්තවාදී අදහස් පාවිච්චි කර, ඔවුන් හරහා ප්‍රහාරය දියත් කළ බව වාර්තා වැඩසටහනෙන් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට ඍජුවම ඇඟිල්ල දිගුකොට තිබෙනවා. ඔහු එම තනතුරට පත්කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුණු විගසින්මයි. සුරේෂ් සලේ මේ සම්බන්ධයෙන් චූදිතයෙක් වී සිටි බව මුල සිටම කියැවුණත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුණු වහාම ඔහුව රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා බවට පත්කරනවා. මේ සිදුවීම් දෙක අතර, අන්තර් සම්බන්ධයක් තිබෙන බව ජනතාවට ඉතා පැහැදිලියි.
රනිල්ගේ රුවන් වගකිව යුත්තෙක්
පාස්කු ප්‍රහාරය සිදුකරන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ රටේ අගමැති වගේම ඔහුගේ හොඳම ගෝලයා වන රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වී සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටෙන් බැහරව සිටියේ.
මේ නිසා රනිල් වික්‍රමසිංහ සහ රුවන් විජේවර්ධන දෙදෙනාම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධානීන් ලෙස සිටියා. ඔවුන්ට මේ චෝදනාවලින් ගැලවෙන්න බැහැ. ජනාධිපති මුක්තිය නිසා අද ඔහු ඒ චෝදනාවලින් ඉවත් වී සිටිනවා. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවට එදා හිටපු පාලකයන් මුළුමනින්ම වගකිවයුතුයි. එම ප්‍රහාරය දියත් කිරීමේ චෝදනාව සහරාන් ඇතුළු අන්තවාදීන්ට එල්ල වෙනවා. මේ නිසා ගරු ශ්‍රේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලිව තීන්දුකර තිබෙනවා, හිටපු ජනාධිපති-මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී- නිලන්ත ජයවර්ධන, සහ එවකට සිටි පොලිස්පති ඇතුළු පිරිසකගෙන් වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස නියෝග කළා. මේ වගකිවයුත්තන්ට වන්දි ගෙවන ලෙස නියෝග කළත්, ඔවුන්ට එරෙහිව අපරාධ නඩුවක් මේ දක්වා ගොනුකර නැහැ.