එන්නත් සාධාරණව ලොව පුරාම බෙදාහරින්න – WHO ප්‍රධානියා G20 න් ඉල්ලා සිටී

කොවිඩ්-19 වෛරසය පිටුදැකීම සඳහා සොයා ගැනෙන එන්නත් ලොව පුරා සාධාරණ ලෙස බෙදාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයීසස් G20 රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටියි.

අතථ්‍ය අයුරින් පැවති G20 සමුළුව අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකයා මෙම ඉල්ලීම සමස්ත ලෝක ප්‍රජාව වෙනුවෙන් සිදුකර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“එන්නත් සාධාරණ ලෙස වෙන් කිරීම වසංගතය අවසන් කිරීම සඳහා කේන්ද්‍රීය වන අතරම, වේගවත් ගෝලීය ප්‍රකෘතියක් සඳහා ඉවහල් වෙනවා.” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් පැවසීය.

එසේම එන්නත් වැඩපිළිවෙළ සඳහා ඇ.ඩො.බිලියන 4.5ක ක්ෂණික අරමුදල් අවශ්‍යව ඇති බවද බව ටෙඩ්‍රොස් පැවසීය.

ජාත්‍යන්තර ගැටලු සාකච්ඡා කිරීම සඳහා ලෝක නායකයන්ගේ සහභාගීත්වයෙන් G20 රාජ්‍ය නායක සමුළුව රැස්වෙයි. ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් සහ ගෝලීය ආර්ථිකයෙන් 80% ක් නියෝජනය කරන G20, නව කොරෝනා වෛරස් වසංගතය අවසන් කිරීම පමණක් නොව, අනාගත වසංගත වැළැක්වීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇති බව ටෙඩ්‍රොස් සඳහන් කළේය.

එන්නත් පිළිබඳ යම් බලාපොරොත්තුවක් මේ වනවිට තිබුණද, මහජන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ලෙස තවදුරටත් මුඛ ආවරණ භාවිතය, නිතර දෑත් සේදීම සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම කිසිසේත් අතපසු නොකරන ලෙස සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.