විමල්ගේ කථාවට මනෝගෙන් පිළිතුරු (Video)
“විමල් වීරවන්සගේ ඔලුවේ කෙස් තිබුණත් මොළයක් නැත. ඔහු ද්රෝහීවුනේ පක්ෂයට පමණක් නොව අද කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවටද ද්‍රෝහීවී ඇත.”
– මෙසේ දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක හා කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් කියා සිටියේ.
“කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාව විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින මේ අවස්ථාවේ . කෙනෙක් මිය ගියහොත් ඔවුන්ට මිනී පෙට්ටියක් ගන්නට පවා මුදල් නැති තත්වයකට පත්වී සිටි.
සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට අනුව විමල් වීරවන්ස , තම බල්ලා රැකබලා ගැනීම සඳහා මසකට රුපියල් 5,000 ක් වැය කරයි. නමුත් ඔහු අදහස් දක්වන්නේ කොරෝනා බලපෑමෙන් පීඩාවට පත් ජනතාව අවමානයට ලක් කරන අයුරිනි.
ඔහු කොළඹ මහ නගර සභාවට බයිසිකලයකින් පැමිණ පක්ෂය පාවා දී අද කෝටිපතියෙකු බවට පත්විය. මීළඟ මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව විමල්ට පාඩමක් උගන්වනු ඇතයි මනෝ ගනේසන් අද පැවති මාධ්‍ය හමුවකදීය ප්‍රකාශ කළේය.