පොලිස්පති තනතුර සඳහා සී.ඩි. වික්රමරත්න පත් කිරීමට පාර්ලිමේන්තු කවුන්සිලයේ නිර්දේශය හිමිවෙයි

අභියානාධිකරණය සඳහා නව විනිසුරුවරුන් 14 දෙනෙකු සහ පොලිස්පති තනතුර සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නම් කොට පාර්ලිමේන්තු කවුන්සිලයේ නිරීක්ෂණය සඳහා යොමු කළ නම් සඳහා නිර්දේශ ලබා දුන් බව එම කවුන්සිලයේ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් ප්රකාශ කර සිටිනවා.
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස මේනකා විජේසුන්දර, ඩි.එන්. සමරකෝන්, එම්. ප්රසන්ත ද සිල්වා, එම්.ටි.එම්. ලාෆර්, ප්රදීප් කීර්තිසිංහ, සම්පත් බී. අබේකෝන්, එම්.එස්.කේ.බි. විජේරත්න, ආර්. ගුරුසිංහ, ජී.ඒ.ඩි. ගනේපොල, කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති, මායාදුන්නේ කොරයා, ප්රභාහරන් කුමාරරත්නම්, ඩබ්ලිව්.එම්.එන්.පි. ඉද්ද්වල සහ සම්පත් මෙන්ඩිස් යන මහත්ම මහත්මීන්ගේ නම් ජනාධිපතිතුමා විසින් නිර්දේශ කොට ඒවා තිබු අතර එම නම් සඳහා පාර්ලිමේන්තු කවුන්සිලය අද සිය නිර්දේශ ලබාදී ඇත.
එමෙන්ම මෙරට ඉතිහාසයේ 35 වන පොලිස්පතිවරයා ලෙස නිර්දේශ කොට ඒවා තිබු වැඩබලන පොලිස්පති සී.ඩි. වික්රමරත්න ගේ නමද පාර්ලිමේන්තු කවුන්සිලය විසින් නිර්දේශ කර ඇත.