පාස්කු ප්‍රහාරය : හේමසිරිගේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරනවා – මෛත්‍රීගෙන් නිවේදනයක්
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය දිනවල පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ තමන් සම්බන්ධයෙන් කර තිබෙන ප්‍රකාශ ලෙස මාධ්‍යවල පළවූ කරුණු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේ හේමසිරි ප්‍රනාන්දු මහතා එම කොමිසම හමුවේ තමන් සම්බන්ධයෙන් පැවසීයැයි මාධ්‍ය මගින් වාර්තා කර තිබුණු කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය සහා ද්වේශසහගත කරුණු බවයි ඒ මහතා සඳහන් කරන්නේ.