පොලීසියට ජීප් රථ 750 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

පොලීසියට ජීප් රථ 750 ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
ඉන් ජීප් රථ 600ක් පොලීසිවලටද, ඉතිරි ජීප් රථ 150 ක් විශේෂ කාර්ය බලකායටද ලබාදීමට නියමිතය.
මෙම ජීප්රථ අදියර 3 ක් යටතේ මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.