සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු ඉවත් කළ යුතුයි – ඇමති නාමල් රාජපක්ෂ

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා සීයයට 15ක බද්දක් පනවා ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

” සනිපාරක්ෂක තුවා වල අදාල බදු වැඩි ඇති බව වැරදි තොරතුරකි. අයවැය ඉදිරිපත් කිරීමට පෙර මේ සම්බන්ධව පැවති “රේගු ආනයන බද්ද” 30% කි. ඒ අනුව අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව එම බදු ප්‍රමාණය 15% ක් දක්වා අඩු කර 15% ක ” සෙස් බද්දක්” එකතු කර ඇත. ඒ අනුව කිසිදු බදු වැඩි කිරීමක් සිදුව නැත. ආනයන බදු ප්‍රමාණය රඳවා ගැනීමේ අවශ්‍යතාවය වන්නේ දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහායි. ඒ අනුව රජය විසින් මිල වැඩිවන වෙනසක් සිදුකර නැත” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ ද මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර තිබුණා.

“කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා සඳහා දැරිය හැකි ප්‍රවේශයක් තිබිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. එබැවින් අප දේශීය නිෂ්පාදනය වැඩි කරන තෙක් මෙම අත්‍යවශ්‍ය භාණ්ඩය සඳහා වන සියලුම බදු නිදහස් කළ යුතුය. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සනාථ කරන පරිදි සනීපාරක්ෂක තුවාවල මිලෙහි වෙනසක් සිදුවී නොමැත.”