අඟුණකොළපැලැස්සේ රැඳවියෝ තුන්වැනි දිනටත් වහලය මත විරෝධතාවයේ

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකු බන්ධනාගාරයේ සිරමැදිරියක වහලයක් මතට නැඟ ආරම්භ කළ විරෝධතාව තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ “ඒ”  මැදිරියේ වහලය මතට රැඳවියන් 10 දෙනකු සහ “සී” සිරමැදිරියේ වහලය මතට රැඳවියන් 5 දෙනකු නැඟ ඉකුත් 23 වැනිදා පස්වරුවේ මෙම විරෝධතාව ආරම්භ කර තිබිණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම රැඳවියන් තම ඉල්ලීම් සටහන් කළ බැනර් ප්‍රදර්ශනය කරමින් වහලය මත සිටින අතර ඇපිල්කරුවන්ගේ අභියාචනාධිකරණ නඩු කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත්, සිවුවස් සමාලෝචනය ක්‍රියාත්මක කරන ලෙසත්,  ඇප ලබා දීම සිදුකරන ලෙසත් එම බැනර්වල සඳහන් වෙයි.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය අවට පෙරේදා දින සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා සිටින ආකාරයද දක්නට හැකිය.