බන්ධනාගාර ගතව සිටින CID හිටපු අධ්යක්ෂක ශානිටත් කොරෝනා !
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂක ශානි අබේසේකර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු කරගෙන තිබෙනවා.
මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති අතර ඔහු මේ වනවිට වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.
මහර බන්ධනාගාරයෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයන් සැළකිය යුතු ප්රමාණයක් හඳුනාගෙන තිබේ.