මහවිරු දින සැමරුම් සංවිධානය කිරීම ගැන උතුරේ 46 කට එරෙහිව නඩු

මහවිරු දින සැමරුම් සංවිධානය කිරීම සහ ඒ සඳහා ජනතාව පෙළඹවීම සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ස්කන්ධරාජා, උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී. රවිහරන් ඇතුළු පුද්ගලයන් 46 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

අදාල සැකකරුවන් ඊයේ අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ තමන් මහවිරු සැමරුම් සංවිධානය කිරීමට හෝ ජනතාව ඒ සඳහා පෙළඹවීමට කටයුතු කර නොමැති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පොලීසිය විසින් ගොනුකර ඇති මෙම නඩුව අනිද්දා යළි විභාගයට ගැනීමට නියමිත අතර සැකකරුවන්ට එදින අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි නියෝග කර තිබෙනවා.