කාන්තාවක් ස්විස්ටර්ලන්තයේ දී ත්රස්ත ක්රියාවකට සැකපිට අත්අඩංගුවට
ත්රස්ත ප්රහාරයක් එල්ල කළේ යැයි සැකපිට ස්විස්ටර්ලන්තයේ ලුගානෝ නම් නගරයේ දී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී එම සැකකාරිය විසින් සාප්පු සංකීර්ණයක් තුළ දී කාන්තාවන් දෙදෙනෙකුට තුවාල සිදුකර ඇති බව වාර්තා වේ.
එහිදී සැකකාරිය විසින් එක කාන්තාවකගේ ගෙල සිරකිරීමට උත්සහ දරා ඇති අතර අනෙක් කාන්තාවගේ ගෙලට පිහියෙන් ඇන ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
එක් කාන්තාවක් ට බරපතළ බව සඳහන් අතර අනෙක් කාන්තාව සුළු තුවාල ලබා ඇත.
ජිහාඩ් ත්රස්තවාදය ගැන 2017දී සිදුකළ පරීක්ෂණවලදී මෙම කාන්තාව සම්බන්ධයෙන්ද එරට ෆෙඩරල් පොලිස් නිලධාරීන් විසින් කරුණු සොයාබලා තිබේ.