පාස්කු ප‍්‍රහාරය ගැන වරදකරු මා නම් දඬුවම් විදින්න සූදානම්..

පාස්කු ඉරිදා දිනයේ මෙරට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලදී තමන් වරදකරු වුවහොත් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
එම ප්‍රහාර සම්බන්ධයෙන් වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වශයෙන් තමන්ට වගකීමක් නොමැති බවද එහිදී ඔහු පැවසීය.
එම වගකීම ඇත්තේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ වලට සියලු දෙනා සතුව යයිද ඔහු කියා සිටියේය.
එම ප‍්‍රහාරය සම්බන්දයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීම අද දිනයේ අවසන් විය.