ඊයේ දිනයේදීත් වැඩිම ආසාදිතයන් කොළඹින්

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 502 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා දේශියව හදුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 262 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 ක් ලෙස වාර්තා වේ.

අද උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 17,934 ක් වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පුද්ගලයින් 12,014 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.ඊයේ (25) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 21,468 ක් වන අතර ඉන් පුද්ගලයින් 15,446 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (25) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,926 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

(26) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 485 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

(26) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 47 ක් තුළ පුද්ගලයින් 4,894 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (25) දිනය තුළ PCR පරික්‍ෂණ 10,400 ක් සිදුකර ඇත.